ඉන්දු ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගයට බාධා
24 August 2026
ඉන්දු ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගයට බාධා
24 August 2026
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ එස්.එස්.සී පිටියේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබේ.
තරගය තාවකාලිකව නතර කරන අවස්ථාවන වන විට පළමු ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි ඉන්දීය කණ්ඩායම කඩුළු 8ක් දැවී ලකුණු 475ක් රැස්කර ගෙන සිටියේය.
ඉන්දීය පිල වෙනුවෙන් ධ්‍රැව් චන්ද් ජුරෙල් මේ වන විට නොදැවී ලකුණු 95ක් රැස්කරගෙන සිටියි.
දේව්දත් පඩික්කල් රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 117කි.
රිෂාබ් පෑන්ට් ලකුණු 63යි.
නායක ශුබ්මන් ගිල් රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 50කි.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිලේ අසිත ප්‍රනාන්දු කඩුළු 4ක් දවා ගැනීමට සමත් විය.

