brand logo
logo
 ලක්ෂ ගාණක මුදල් සහ තියුණු ආයුධ සමඟ කාන්තාවක ඇතුළු 9ක් මාට්ටු

ලක්ෂ ගාණක මුදල් සහ තියුණු ආයුධ සමඟ කාන්තාවක ඇතුළු 9ක් මාට්ටු

27 September 2026


ලක්ෂ ගාණක මුදල් සහ තියුණු ආයුධ ළඟ තබාගෙන සැකකටයුතු ලෙස ගමන් කරමින් සිටි කාන්තාවක ඇතුළු පුද්ගලයින් නව දෙනෙකු යාපනය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


පොලිස් මුර සංචාරයක නිරතව සිටි නිලධාරීන් කණ්ඩායමක් විසින් යාපනය නගරයට ආසන්නයේදී මෝටර් රථයකින් සහ යතුරුපැදි දෙකකින් ගමන් කරමින් සිටි මෙම පිරිස පරීක්ෂාවට ලක්කර ඇත.


එහිදී අදාළ මෝටර් රථය තුළ තිබී තියුණු ආයුධ කිහිපයක් සහ රුපියල් ලක්ෂ නවයක මුදලක් පොලිස් භාරයට ගෙන තිබේ.


සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වූ පොලීසිය, අදාළ සැකකරුවන් සහ සැකකාරිය අත්අඩංගුවට ගත් අතර ඔවුන් ගමන් කළ මෝටර් රථය සහ යතුරුපැදි දෙකද පොලිස් භාරයට ගෙන ඇත.


අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.


සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

 

More News..