වසරේ මේ දක්වා පැමිණි සංචාරකයින් අතුරින් ඉන්දියාව පෙරමුණට
16 August 2026
වසරේ මේ දක්වා පැමිණි සංචාරකයින් අතුරින් ඉන්දියාව පෙරමුණට
16 August 2026
වසරේ මේ දක්වා කාලය තුළ වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
එම අධිකාරිය සඳහන් කර ඇත්තේ පසුගිය අගොස්තු 13 වන දින වනවිට සමස්ත සංචාරකයින් ප්‍රමාණය 1,436,926ක් ලෙස වාර්තා වී ඇති බවත් ඒ අතුරින් 358,608ක් ඉන්දීය සංචාරකයින් බවය.
මීට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයින් 140,892ක්, චීනයෙන් සංචාරකයින් 94,890ක්, ජර්මනියෙන් සංචාරකයින් 83,965ක් මෙරටට වැඩිම සංචාරකයින් පැමිණි රටවල් ලෙස සටහන් වී ඇත.
මේ අතර අගොස්තු මාසයේ ගතවු දින 13ක කාලය තුළ සංචාරකයින් 93,511ක් දිවයිනට පැමිණ තිබේ.
ඒ අනුව අගෝස්තු මාසයේදී පළමු සතිය තුළ සංචාරකයින් 49,759ක් සහ දෙවැනි සතියේ දින 6ක් තුළ සංචාරකයින් 43,752ක් මෙරටට පැමිණ ඇත.
එම සංචාරකයින් අතුරින් වැඩිම සංචාරක ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ද ඉන්දියාවෙන් වන අතර මෙම මාසයේ පසුගිය 13 වැනි දිනට ඉන්දීය සංචාරකයින් 20,378ක් දිවයිනට පැමිණ තිබේ.
දෙවැනියට එක්සත් ජනපදයෙන් සංචාරකයින් 10,491ක් සහ ප්‍රංශයෙන් සංචාරකයින් 7,198ක් මෙන්ම චීනයෙන් සංචාරකයින් 6,383ක් වැඩිම සංචාරකයින් පැමිණි රටවල් ලෙස වාර්තා වී තිබේ.

