brand logo
logo
AI තාක්ෂණය ගැන අනතුරු ඇඟවීමක්

AI තාක්ෂණය ගැන අනතුරු ඇඟවීමක්

31 May 2023

කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ උපරිම දියුණුවත් සමඟ මානව වර්ගයාගේ පරිහානිය සිදුවිය හැකි බවට තොරතුරු තාක්ෂණ විශේෂඥයින් අනතුරු අඟවා තිබේ.


කෘත්‍රිම බුද්ධි ආරක්ෂණ මධ්‍යස්ථානයේ වෙබ් අඩවියේ පළවූ මෙම අනාවරණය සිදුකර තිබුණේ ඕපන් ඇඓ සහ ගූගල් සමාගමේ විශේෂඥයින් පිරිසක් විසිනි.


කෘත්‍රිම බුද්ධිය යොදාගෙන රසායන අවි නිපදවීම සහ අසත්‍ය තොරතුරු ප්‍රචාණය කර මිනිසුන් වැරදි තීරණ ගැනීමට පෙළඹවීම ඇතුළු විවිධ අපරාධ සිදුකළ හැකි බවද ඔවුන් පෙන්වා දී තිබේ.


එමගින් උද්ගත විය හැකි අවදානම අවම කිරීම, ගෝලීය ප්‍රමුඛතාවක් ලෙස සලකා කටයුතු කිරීමේ වැදගත්කමත් මෙහිදී ඔවුන් අවධාරණය කර තිබුණි.


කෙසේ නමුත් ඇතැම් පාර්ශ්ව පෙන්වා දෙන්නේ මෙය අනවශ්‍ය කලබලයක් බවය.

 

More News..