ගතවූ මාස 9 තුළ වෙඩි තැබීම් 41කින් 23ක් මරුට
03 October 2026
ගතවූ මාස 9 තුළ වෙඩි තැබීම් 41කින් 23ක් මරුට
03 October 2026
මේ වසර ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ සිදුවූ වෙඩි තැබීම් 41 කින් පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 21 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
ගතවූ මාස 9 තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් සිදුකළ වෙඩි තැබීම් 36 කින් පමණක් මරණ 23 ක් සහ තුවාල ලැබීම් 17 ක් වාර්තා වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
මෙම සංවිධානාත්මක වෙඩි තැබීම්වලට අදාළව වෙඩික්කරුවන් 14 ක්, පැදිකරුවන් 12 ක් සහ ඊට අනුබල දුන් සැකකරුවන් 118 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

