මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
03 November 2026
මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
03 November 2026
මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) නාරාහේන්පිට ප්රධාන කාර්යාලයෙන් සේවාවන් ලබා ගන්නා සියලුම සේවාලාභීන් සඳහා ඊයේ(02) දින සිට ක්රියාත්මක වන පරිදි නව ක්රමවේදයක් හඳුන්වා දී තිබේ.
ඒ අනුව දෙපාර්තමේන්තුව මගින් සපයනු ලබන සියලුම එක්දින සේවාවන් ලබාගත හැකි වන්නේ පූර්ව වේලාවන් වෙන්කර ගැනීම (Appointments) හරහා පමණක් බව දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
සේවාලාභීන්ට පහත සඳහන් ක්රමවේද දෙකෙන් එකක් ඔස්සේ පූර්ව වේලාවන් වෙන් කරවා ගැනීමේ පහසුකම සලසා ඇත.
දුරකථන ඇමතුම් මාර්ගයෙන් තමන්ගේ ප්රාදේශීය දුරකථන සංකේත අංකය ඉදිරියට එකතු කර 117 116 අංකය ඇමතීමෙන් වේලාවන් වෙන්කරවා ගත හැක.
(උදාහරණ: 011 2 117 116)
මාර්ගගත (Online) ක්රමවේදය මගින් https://dmtappointments.dmt.gov.lk](https://dmtappointments.dmt.gov.lk) යන නිල වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් වේලාවන් වෙන් කරවා ගත හැක.
වාහන අලුතින් ලියාපදිංචි කිරීම, වාහන අයිතිය පැවරීම, රියදුරු බලපත්ර නිකුත් කිරීම සහ තාක්ෂණික ගැටලු නිරාකරණය ඇතුළු අනෙකුත් සියලුම එක්දින සේවාවන් ලබාගැනීම සඳහා දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට ප්රථම ඉහත සඳහන් ක්රමවේදයකට වේලාවක් වෙන්කරවා ගන්නා ලෙස මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව සේවාලාභීන්ගෙන් ඉල්ලා සිටියි.

