ලෝක උරුම ගාලු කොටුවේ රජයේ ඉඩම් සාවද්‍ය පරිහරණය ගැන කඩිනම් පියවර ගන්නැයි විගණන නිර්දේශ
29 November 2026
ලෝක උරුම ගාලු කොටුවේ රජයේ ඉඩම් සාවද්‍ය පරිහරණය ගැන කඩිනම් පියවර ගන්නැයි විගණන නිර්දේශ
29 November 2026
ලෝක උරුමයක් ලෙස සැලකෙන ගාලු කොටුව තුළ පිහිටි රජය සතු පර්චස් 21.8ක භූමි ප්‍රමාණයකින් යුත් ඉඩම් කොටස් 17ක් පෞද්ගලික පරිහරණය සඳහා යොදාගෙන තිබුණද, ඒවායේ භුක්තිය නැවත රජයට හෝ ගාලු උරුමය පදනම වෙත පවරා ගැනීමට මේ දක්වා පියවර ගෙන නොමැති බව අනාවරණය වී ඇත.
ජාතික විගණන කාර්යාලය මගින් ප්‍රකාශයට පත් කරන ලද 2025 වර්ෂයට අදාළ නවතම වාර්ෂික විගණන වාර්තාව මගින් මෙම තොරතුරු හෙළිදරව් කර තිබේ.
රජයේ දේපළ සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගෙන, අදාළ ඉඩම් කොටස්වල භුක්තිය යළි රජයට හෝ ගාලු උරුමය පදනම වෙත පවරා ගැනීමට කටයුතු කළ යුතු බවද එම විගණන වාර්තාව මගින් නිර්දේශ කර තිබේ.


