Best News Website award
brand logo
logo
බෙරගල නගරයත් රිලා උවදුරට ගොදුරු වෙයි - වෙළඳසැල් වසා දැමීමට සිදුවූ බවට ව්‍යාපාරිකයන්ගෙන් මැසිවිලි

බෙරගල නගරයත් රිලා උවදුරට ගොදුරු වෙයි - වෙළඳසැල් වසා දැමීමට සිදුවූ බවට ව්‍යාපාරිකයන්ගෙන් මැසිවිලි

12 November 2026 | පාලිත ආරියවංශ-බදුල්ල


බදුල්ල දිස්ත්‍රික්කයේ ගම්මානවලට වැදී ගොඩ මඩ වගාවන් හා කර්මාන්ත විනාශ කරමින් සැරසරන රිලා රංචු මේ දිනවල නගරයවලටද පැමිණ ජනතාවට සහ ව්‍යාපාරිකයන්ට කරදරයක් වන අයුරින් හැරෙන බව වාර්තා වෙයි.


බදුල්ල - කොළඹ මාර්ගයේ , මෙන්ම කොළඹ මඩකලපුව A 4 මාර්ගයේ දි හමුවන ප්‍රධාන මංසන්ධියක් සහිත බෙරගල

නගරයේ රිලා උවදුර මේ දිනවල බෙහෙවින්ම පවතින බව ප්‍රදේශ වාසීහු කියති.


රිලවුන් වෙළදසැල්වලටද කඩාවැදිම නිසා බලවත් දුෂ්කරතාවයකට පත්ව ඇති බව මෙහි ව්‍යාපාර පවත්වාගෙන යන

වෙළඳසැල්හිමියෝ , හෝටල් හිමියෝ සහ පලතුරු වෙළඳන් පවසති.


මේ කදරය නිසා ඇතැම් වෙළඳසැල් බෙහෝ දිනවල වසා තිබෙන අයුරුද දක්නට ලැබේ.

 

More News..