විදුලිබල සේවකයින් අද සවස 3 සිට සියලු සේවාවලින් ඉවත්වීමට තීරණයක්
09 March 2026
විදුලිබල සේවකයින් අද සවස 3 සිට සියලු සේවාවලින් ඉවත්වීමට තීරණයක්
09 March 2026
අද (09) සවස 3 සිට පැය 24ක කාලයක් ලංකා විදුලිබල මණ්ඩලයේ සමස්ත සේවකයින් සියලු සේවාවන්ගෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමය පවසයි.
එම සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, විදුලිබල මණ්ඩලයේ මළ ගම සිදුවු අද වැනි දිනක රජය විසින් කිසිදු සාධනීය පිළිතුරක් හෝ සාමුහික ගිවිසුමක් විදුලි සේවකයින් වෙත ලබාදී නොමැති බවය.
සාමුහික ගිවිසුම ගැන අධ්‍යයනය කර සාකච්ඡාවක් ලබාදෙන තුරු සේවයට නොපැමිණෙන බවද ඔවුන් අවධාරණය කරයි.
බලාගාර සහ අනෙකුත් මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යෑමට තීරණය කර ඇතැයි ද පැවසු ප්‍රභාත් ප්‍රියන්ත මහතා, බිඳවැටීම්, නඩත්තු කටයුතු සියල්ල නතර කරන බවත් පැය 24 කාලය තුළ කොළඹ ජාතික රෝහල, මහනුවර සහ කරාපිටිය රෝහල් මෙන්ම යුද හමුදා මුලස්ථානයට බාධාවකින් තොරව විදුලිය ලබාදීමට කටයුතු කරන බවත් කියා සිටියේය.
වෘත්තීය සමිති 25ක් එක්ව මෙම තීරණයට එළැඹ ඇති අතර, මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආණ්ඩුව දණගැස්වීමක් නොවන බවත් ප්‍රතිව්‍යුහගතකරණයට එකඟවුවත් විදුලිබල සේවකයාට අසාධාරණයක් වන ක්‍රියාමාර්ගයකට කිසිසේත්ම එකඟ නොවන බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ ජාතික සේවක සංගමයේ ලේකම්, අජිත් දේවප්‍රිය මහතා වැඩිදුරටත් පැවසීය.

