ඇමරිකාවේ හැසිරීමට අනුර නිර්භීත ස්ථාවරයක සිටියොත් පූර්ණ සහාය දෙනවා
05 January 2026
ඇමරිකාවේ හැසිරීමට අනුර නිර්භීත ස්ථාවරයක සිටියොත් පූර්ණ සහාය දෙනවා
05 January 2026
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ශ්‍රී ලංකා රජය වෙනිසියුලාව සම්බන්ධයෙන් ඇමරිකාව කටයුතු කරන ආකාරයට නිසැකවම විරුද්ධ වන බවට සැකයක් නැතැයි සර්ව ජන බලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිත් ජයවීර පවසයි.
ස්වෛරී රාජ්‍යකට එරෙහිව ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් විසින් ගනු ලැබූ ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරයන්ට එරෙහිව ජනාධිපතිවරයා නිර්භීත ස්ථාවරයක පිහිටන විටක කොන්දේසි විරහිතවතම සහායෝගය ඔහුට ලබාදෙන බවද මන්ත්‍රිවරයා කියා සිටියි. දිලිත් ජයවීර මන්ත්‍රිවරයා මේ බව කියා සිටියේ වෙනිසියුලා ජනාධිපතිවරයා නිකොලොස් මදුරෝ සහ ආර්යාව ඇමරිකාව විසින් බලහත්කාරයෙන් සිය භාරයට ගෙන රටින් රැගෙන යාමේ සිද්ධිය ගැන එක්ස් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමිනි.

