හොල්මන් හා භූතයෝ ගැන අමාත්‍යාංශය සෙවිල්ලෙන්
19 May 2026 | සාලිය කුමාර ගුණසේකර
හොල්මන් හා භූතයෝ ගැන අමාත්‍යාංශය සෙවිල්ලෙන්
19 May 2026 | සාලිය කුමාර ගුණසේකර
භූත ගුහා, හොල්මන් මන්දිර මෙවර වෙසක් උත්සවයේදී පැවැත්වීමට කටයුතු කළහොත් ඒවා සම්බන්ධව ක්‍රියාමාර්ග ගන්නා බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි පැවසීය.
එවැනි ස්ථාන පවත්වන්නේ නම් ඒ පිළිබඳව මහජනතාවට බුද්ධ ශාසන අමාත්‍යාංශයට පැමිණිලි කළහැකි බවද ඔහු කියා සිටියේය.
ජාතික වෙසක් උත්සවය සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (18 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
බෞද්ධ කටයුතු කොමසාරිස් (සංවර්ධන) අසේල මධුසංඛ මෙහිදී කියා සිටියේ දන්සැල් සඳහා ජනතාව යොමු කිරීමේදී බෞද්ධ කොඩිය භාවිත නොකර ඒ වෙනුවට කහ පැහැති කොඩියක් භාවිත කරන ලෙස චක්‍රලේඛයක් නිකුත් කර තිබෙන බවය.
කැබිනට් මණ්ඩල අනුමැතිය සමග මෙම චක්‍රලේඛය මේ වනවිට නිකුත් කර තිබෙන බවත්,මේ සම්බන්ධව සියලුම දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු දැනුවත් කර තිබෙන බවත් ඔහු කියා සිටියේය.
පරිසරය නොනසා වෙසක් උත්සවය සමරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවත්, ජාතික වෙසක් උත්සවය සඳහා වැඩි වශයෙන් මෙවර තාක්ෂණය යොදා ගැනීමට කටයුතු යොදා ඇත්තේ පරිසරයට සිදුවන හානිය අවම කර ගැනීම සඳහා බවත් ඇමැතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේය.

