brand logo
logo
ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා හි 6දෙනෙකු ජීවිතක්ෂයට

ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා හි 6දෙනෙකු ජීවිතක්ෂයට

13 July 2026


ඊශ්‍රායලය විසින් ගාසා තීරය වෙත එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරවලින් කුඩා ළමුන් ඇතුළු පුද්ගලයින් 06දෙනෙකු මියගොස් තිබේ.


එම ප්‍රහාරවලින් තවත් පුද්ගලයින් 14දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


ගාසාහී සබ්රා ප්‍රදේශයේ කම්හලකට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් ඇති බව එරට බලධාරීන් ප්‍රකාශ කර ඇත.


අදාළ ප්‍රහාර ඊශ්‍රායලය විසින් එල්ල කළ බව පිළිගෙන ඇති අතර ඔවුන් සදහන් කර ඇත්තේ යටිතල පහසුකම් ස්ථාන වෙත ප්‍රහාර එල්ල කරන බවය.


කෙසේවෙතත් පසුව ඊශ්‍රායලය විසින් හමාස්හි ආයුධ නිෂ්පාදන ස්ථානයකට ප්‍රහාර එල්ල කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

More News..