Best News Website award
brand logo
logo
මහජන බැංකුව අවසන් වූ මාස නවයක කාල සීමාව තුළ රුපියල් බිලියන 52.1ක බදු පෙර ලාභයක් වාර්තා කරයි

මහජන බැංකුව අවසන් වූ මාස නවයක කාල සීමාව තුළ රුපියල් බිලියන 52.1ක බදු පෙර ලාභයක් වාර්තා කරයි

16 November 2026


මහජන බැංකුව සිය ශක්තිමත් ඉපැයීම් ප්‍රවණතාව අඛණ්ඩව පවත්වාගෙන යමින් 2026 සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන් වූ මාස නවයක කාල සීමාව තුළ රුපියල් බිලියන 52.1ක බදු පෙර ලාභයක් වාර්තා කරයි.


ප්‍රධාන ජයග්‍රහණයන්


සමස්ත දළ ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 2.1ක් දක්වා වර්ධනය වූ අතර මෙමගින් අඛණ්ඩව පවත්වාගෙන යන ණය පිරිනැමීමේ ක්‍රියාවලියේ සාර්ථකත්වය පෙන්නුම් කරයි.


* රුපියල් බිලියන 52.1 ක වාර්තාගත බදු පෙර ලාභයක් උපයා ගැනීමට සමත් වීම තුළින් බැංකුවේ ශක්තිමත් කාර්ය සාධනය මනාව පිළිබිඹු වේ.


* සියලුම මුදල් ඒකක (All Currency) සහ රුපියල් සඳහා වන ද්‍රවශීලතා ආවරණ අනුපාත (Liquidity Coverage Ratios) පිළිවෙලින් 190.87 කට සහ 226.57ක මට්ටමක පැවතිණි.


17.47 ක ශක්තිමත් සස්ත ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතයක් (Total Capital Adequacy Ratio) වාර්තා වූ අතර, ඉන් පළමු පෙළ ප්‍රාග්ධන අනුපාතය (Tier 1) 12.47ක් ලෙස පවතියි

මහප්ත බැංකුව අත්පත් කරගත් සුවිශේෂ ජයග්‍රහණ 2026 සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන් වූ මාස නවය සඳහා මහජන බැංකුව ඉතා ශක්තිමත් මූල්‍ය කාර්ය සාධනයක් වාර්තා කර ඇත. 


ගෝලිය මෙන්ම දේශීය ආර්ථීක පරිසර සාධක නිරන්තරයෙන් වෙනස් වෙමින් පවතින පසුබිමක් මධ්‍යයේ වුවද, බැංකුව අඛණ්ඩව සිය ආදායම් වර්ධන ප්‍රවණතාව තවදුරටත් පවත්වා ගනිමින්, මූල්‍යමය වශයෙන් මනා ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කර ඇත. ස්ථාවර මූලික බැංකු ක්‍රියාකාරිත්වය, විචක්ෂණශීලි ශේෂ පත්‍ර කළමනාකරණය මෙන්ම ගුණාත්මක ණය සහ අවදානම් කළමනා කරණය යන සාධකවල සහාය ඇතිව, බැංකුව රුපියල් බිලියන 52.1 ක බදු පෙර ලාභයක් (PBT) වාර්තා කිරීමට සමත් විය. මෙම කාර්ය සාධන ක්‍රමෝපායන් මගින් බැංකුවේ මූලික මූල්‍ය ශක්තිය මෙන්ම, නිරන්තරයෙන් වෙනස් වන ආර්ථික සහ භූ දේශපාලනික තත්ත්වයන්ට ශක්තිමත්ව මුහුණ දෙමින් ඉදිරියට යෑමට සහ අඛණ්ඩ ප්‍රගතියක් පවත්වා ගෙන යාමට මහජන බැංකුව සතු හැකියාව අවධාරණය කෙරේ.


2026 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ මාස නවය තුළ, ප්‍රධාන ආදායම් මාර්ග ඔස්සේ වාර්තා වූ ප්‍රබල වර්ධනය බැංකුවේ ඉපැයීම ප්‍රවණතාව තව දුරටත් ශක්තිමත් කිරීමට සමත් විය. පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදය සමඟ සංසන්දනාත්මකව බැලිමේදි රුපියල් බිලියන 122.2 ක්ව පැවති සමිස්ත මෙහෙයුම් ආදායම, 18.73 ක වර්ධනයක් සමග රුපියල් බිලියන 145.1ක් දක්වා වර්ධනය වී ඇති අතර ශුද්ධ පොලී ආදායම 21.5%ක වර්ධනයක් ද සමඟින් රුපියල් බිලියන 103.9 සිට රුපියල් බිලියන 126.2ක් දක්වා ඉහළ ගොස් ඇත. එමෙන්ම ඵලදායි වත්කම් සහ වගකීම් වල මිල ගණන් ( පොලි

අනුපාත) ඵලදායී ලෙස නැවත මිල නියම කර සකස් කිරීම (Repricing) සහ විනය ගරුක ශේෂ පත්‍ර කළමනා කරණය හරහා සිය ශුද්ධ පොලි ආන්තිකය (Net Interest Margin - NIM) 4.1% සිට 4.4%

දක්වා ඉහළ නංවා ගැනීමට මහජන බැංකුව සමත්ව ඇත. මෙම සමස්ත දියුණුව මගින් බැංකුවේ මූලික බැංකුකරණ ක්‍රියාකාරිත්වයේ ඇති ශක්තිමත් භාවය මනාව පෙන්නුම් කෙරේ.


බැංකුවේ කාර්ය සාධන ක්‍රම වේද තවත් ප්‍රධාන ලක්ෂණයක් වූයේ අඛණ්ඩව පවත්වාගෙන ගිය ණය පිරිනැමීමේ ක්‍රියාවලියයි. මූලික ණය ප්‍රදාන ක්‍රියාකාරකම්වල අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරමින්, දළ ණය සහ අත්තිකාරම් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 2.1ක අගයක් කරා ළඟා විය. 


ඒ සමගම්, සමස්ත වත්කම් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 3.9 ක් ලෙස ස්ථාවර මට්ටමක පැවති අතර, එමඟින් බැංකුවේ සමස්ත ශේෂ පත්‍ර ස්ථාවරත්වය පවත්වා ගනිමින්ම සිය ණය ව්‍යාපාරය ඉදිරියට ගෙන යාමට ඇති හැකියාව මනාව පෙන්නුම් කෙරිණි.



2026 වසරේ පළමු මාස නවය තුළ, බැංකුවේ වර්ධන වේගය සඳහා එහි වැඩිදියුණු වෙමින් පවතින ප්‍රාග්ධන ශක්තිය තව දුරටත් පිටිවහලක් විය. අඛණ්ඩ ලාභදායිත්වය සහ විචක්ෂණශීලී ශේෂ පත්‍ර කළමනාකරණය හේතුවෙන්, 2025 වසර අවසානයේ 16.50 ක්ව පැවති සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය’ (Total Capital Adequacy Ratio) 2026 සැප්තැම්බර් 30 වන විට 17.47 දක්වා වර්ධනය. මෙය අවම නියාමන අවශ්‍යතාව වන 14.52 ට වඩා සැලකිය යුතු තරම් ඉහළ සුරක්ෂිත මට්ටමක පවතින අගයකි. රුපියල් දුව ශීලතා ආවරණ අනුපාතය (Rupee Liquidity Coverage Ratio) 226.5%ක් ලෙස සටහන් විමත් සමඟ, බැංකුවේ දුව ශීලතා තත්ත්වය ද ඉතා ශක්තිමත්ව පැවතිණි. මෙ මගින් බැංකුව සතු ප්‍රමාණවත් දුවශීලතා සංචිත සහ අඛණ්ඩ මූල්‍ය ස්ථාවරත්වය පෙන්නුම් කරයි.



2016 වසරේ පළමු මාස නවය තුළ බැංකුවේ ණය කළඹ පුළුල් වීමත් සමඟම වත්කම් වල ගුණාත්මකභාවයෙහි ද ප්‍රගතියක් දක්නට ලැබුණි. අපේක්ෂිත ආපසු ගෙවිමි නොලැබෙන ණය නොහොත් හානිකරණය කරන ලද ණය (Stage 3) ශුද්ධ අනුපාතය 6.3% දක්වා වැඩිදියුණු වූ අතර, එවැනි ණය සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන ආවරණ අනුපාතය (Stage 3 Provision Coverage Ratio) 54.1% දක්වා ශක්තිමත් විය. ණය ගොනුව අඛණ්ඩව වර්ධනය වන අතරතුරම අත්කර ගත් මෙම ප්‍රගතිය මගින් ණය අය කර ගැනීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම, විචක්ෂණශීලී ණය අවදානම් කළමනාකරණය සහ ශක්තිමත් ශේෂ පත්‍රයක් (Balance Sheet) පවත්වා ගැනීමට බැංකුව තුළ ඇති කැපවීම මනාව තහවුරු වේ.


සාමූහික කාර්ය සාධනය


2026 වසරේ පළමු මාස නවය තුළ, ප්‍රධාන බැංකු කටයුතු පුළුල් විම සහ ලාහ ආන්තිකයන් (Margins) වැඩි දියුණු වීම යන සාධක හේතු කරගෙන බැංකුවේ ශක්තිමත් කාර්ය සාධන ප්‍රවණතාව සමූහයට ද ව්‍යාප්ත විය. පසුගිය වසරේ අදාළ කාලසීමාව තුළ වාර්තා වූ රුපියල් බිලියන 47.9 ක අගයට සාපේක්ෂව, මෙවර සමූහයේ දු පෙර ලාභය 23.8% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 59.3ක් දක්වා වර්ධනය විය. මෙමගින් විනය ගරුක පිරිවැය සහ අවදානම් කළමනා කරණය මෙන්ම මෙහෙයුම් කාරිය සාධනයේ දියුණුවද මනාව පිළිබිඹු වේ.


මෙම සමූහය සිය ව්‍යාපාර ව්‍යාප්තිය අඛණ්ඩව පවත්වා ගෙන ගිය අතර, ඒ අනුව දළ ණය සහ අත්තිකාර ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 2.4 දක්වා ඉහළ ගිය අතර, සමස්ත වත්කම් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 4.3 ක ස්ථාවර අගයක් සනිටුහන් කිරීමට සමත් විය. මෙම කාර්ය සාධනය මගින් ප්‍රධාන ව්‍යාපාර අංශ හරහා සමූහයේ පරිමාණය සහ ව්‍යාපාර වර්ධනය තවදුරටත් තහවුරු වේ. ඵලදායී ශේෂ

පත්‍ර නැවත මිල නියම කිරි (Balance Sheet Repricing) සහ අඛණ්ඩව සිදු කෙරෙන ණය ප්‍රදාන

කටයුතු හේතුවෙන්, ශුද්ධ පොලි ආදායම් රුපියල් බිලියන 119.5 සිට රුපියල් බිලියන 148.6 දක්වා 2441 කින් ඉහළ ගියේය.


සමූහයේ ශුද්ධ පොලි ආන්තිකය (Group Net Interest Margin) ශක්තිමත් වීම. ලාභදායිත්වය තවදුරටත් ඉහළ නැංවීමට පිටිවහලක් විය. ශුද්ධ පොලී ආන්තිකය 4.4% සිට 4.8% දක්වා වර්ධනය වූ අතර, එයින් ගම්‍ය වන්නේ කාර්යක්ෂම වත්කම් බැරකම් කළමනාකරණය සහ පොලි උපයන වත්කම් වලින් ලැබෙන ප්‍රතිලාභ වැඩිදියුණු වී ඇති බවයි. ආදායම් වර්ධනය, ව්‍යාපාරික ක්‍රියාකාරකම් වල වේගවත් බව සහ මූල්‍ය ස්ථාවරත්වය යන සාධක සියල්ලෙහි එකතුවෙන්, රටේ ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් ලෙස සමූහය සතු උපායමාර්ගික ස්ථානය තවදුරටත් ශක්තිමත් කර ගන්නා ලදි.


නායකත්වයේ අදහස් දැක්වීම් 2016 වසරේ පළමු මාස නවය තුළ අත්කර ගත් ප්‍රබල කාර්ය සාධනය පිළිබඳව අදහස් දක්වමින්, මහජන බැංකුවේ සභාපති චන්දන ගුණයන්ගොඩ මහතා පවසා සිටියේ, නිතර වෙනස් වෙමින් පවතින ගෝලීය සහ දේශීය ආර්ථික වාතාවරණය මධ්‍යයේ වුවද, මහජන බැංකුව සිය අඛණ්ඩ ඔරොත්තු දීමේ හැකියාව, මූල්‍ය ශක්තිය සහ ස්ථාවරත්වය පවත්වා ගෙන යන බවයි. භූ-දේශපාලනික පීඩාවන්, ගෝලීය අවිනිශ්චිතතාවයන් සහ උද්ධමනකාරී අභියෝගයන් දිගින් දිගටම පවතින නමුත් වැඩි දියුණු වූ සාර්ථ ආර්ථීක ස්ථාවරත්වය සහ ප්‍රධාන අංශ හරහා පෙන්නුම් කරන වර්ධනය හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථීකය යථා තත්ත්වයට පත්වීමේ ගම්‍යතාව (Recovery Momentum) අඛණ්ඩව පවත්වා ගෙන ඇති බව ද ඔහු සඳහන් කළේය.


එමෙන්ම බැංකුවේ කාර්ය සාධනය පදනම් වි ඇත්තේ, ශක්තිමත් මූල්‍ය මූල ධර්ම, ඉහළ මෙහෙයුම් කාර්යක්ෂමතාව, යහපත් පාලන ක්‍රියාවලිය සහ විචක්ෂණශීලී අවදානම් කළමනා කරණය කෙරෙහි දක්වන අඛණ්ඩ අවධානය මත බව ඔහු අවධාරණය කළේය. ඵලදායී ආර්ථික ක්‍රියාකාරකම් සඳහා පහසුකම් සැලසීම්, ව්‍යාපාරවලට සහාය වීම සහ මූල්‍ය සමානාත්මතාව (Financial Equality) ප්‍රවර්ධනය කිරීම තුළින් ජාතික ආර්ථීක ප්‍රමුඛතා ඉදිරියට ගෙන යාමටත්, එමගින් තිරසර සහ සියල්ලන් ඇතුළත් වන ආර්ථීක වර්ධනයක් උදෙසා දායක වීමටත් 'මහජන බැංකුව' කැපවී සිටින බව ඔහු තවදුරටත් පැවසීය.


ප්‍රධාන විධායක නිලධාරි සාමාන්‍යාධිකාරි ක්ලයිට් ෆොන්සේකා මහතා, බැංකුවේ මෙම කාර්ය සාධනය හැඳින්වූයේ එහි අඛණ්ඩ ධනාත්මක ප්‍රගතියේ නිරූපණයක් ලෙසයි. මෙය ශක්තිමත් මූලික ආදායම් උත්පාදනය, වැඩි දියුණු වූ ලාභ ආන්තික, වඩාත් යහපත් වත්කම් ගුණාත්මකභාවය සහ ස්ථාවර ශේෂ පත්‍රයක් මගින් මෙහෙයවනු ලැබ ඇත. ශක්තිමත් ප්‍රාග්ධන සහ දුවශීලතා තත්ත්වයන්, විනය ගරුක මූල්‍ය කළමනාකරණය මෙන්ම ඩිජිටල් බැංකුකරණය, ගනුදෙනුකාර අත් දැකීම් සහ මෙහෙයුම් කාරියක් මෙතාව සඳහා සිදු කෙරෙන අඛණ්ඩ ආයෝජන මගින්, බැංකුව තිරසාර වර්ධනයක් කරා යෑම සඳහා ඉතා යහපත් ස්ථාවරයක පවතින බව ඔහු අවධාරණය කළේය.


ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන 2026' (National Business Excellence Awards 2026) උළෙලේදී බැංකුව විසින් 'සමස්ත රන් සම්මානය' (Overall Gold Award) දිනා ගැනීම මෙන්ම, 'දැවැන්ත පරිමාණයේ ව්‍යාපාර', 'දේශීය වෙළඳ පොළ ආවරණය' සහ බැංකු අංශය' යන කාණ්ඩ යටතේ ඉහළම සම්මාන හිමිකර ගැනීමට මහජන බැංකුව සමත් වීම පිළිබඳව ද ෆොන්සේකා මහතා සිය අවධානය යොමු කළේය. පාලන ක්‍රියාවලිය, නවොත්පාදනය, ගනුදෙනුකාර සේවාව සහ සමස්ත ව්‍යාපාරික කාර්ය සාධනය යන අංශවල විශිෂ්ටත්වය වෙනුවෙන් මහජන බැංකුව දක්වන කැපවීම මෙන්ම, එහි කාර්ය මණ්ඩලයේ කැපවීම සහ වෘත්තීය භාවය වෙනුවෙන් ලැබුණු ඇගයීමක් ලෙස ඔහු මෙම සම්මාන පෙන්වා දුන්නේය. මෙම සාර්ථකත්වය පදනම් කර ගනිමින් ඉදිරියට යාමටත්, වෙළඳපොළ තුළ බැංකුව සතු ස්ථානය තවදුරටත් ශක්තිමත් කිරීමටත්, ගනුදෙනුකරුවන්ට සහ පාර්ශවකරුවන්ට වඩාත් ඉහළ වටිනාකමක් ලබා දීමටත් බැංකුව තුළ පවතින ආධිෂ්ඨානශීලි ඉලක්කය ඔහු නැවත තහවුරු කළේය.


මහජන බැංකුවේ අඛණ්ඩ සහ ශක්තිමත් කාර්ය සාධනය ඇගයීමට ලක් කරමින්, Fitch Ratings ආයතනය විසින් මෑතකදී මහජන බැංකුවේ ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම (National Long- Term Rating) මට්ටම් දෙකකින් ඉහළ නංවා ‘AA+(lka)’ ස්ථාවර කරන ලදි. 


මෙහිදි ඔවුන් බැංකුවේ අනාගත අපේක්ෂාවන් ස්ථාවර මට්ටමක පවතින බව තහවුරු කර ඇත. මෙම ශ්‍රේණිගත කිරීමත් සමග, දේශීය වාණිජ බැංකු අතරින් ඉහළම ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම හිමි බැංකු අතරට මහජන බැංකුව එක්වී ඇත. ඒ අනුව, Fitch Ratings හි ජාතික ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකාවේ සියලුම පෞද්ගලික අංශයේ වාණිජ බැංකු අභිබවා ඉදිරියට පැමිණීමට මහජන බැංකුව සමත් වී ඇති අතර රටේ වඩාත්ම ශක්තිමත් සහ විශ්වාසවන්ත මූල්‍ය ආයතන අතර තම ස්ථානය තවදුරටත් තහවුරු කර ගැනීමට සමත් ව ඇත.


මෙම සුවිශේෂ සන්ධිස්ථානයේ වැදගත්කම වන්නේ, බැංකු ඉතිහාසයේ ශ්‍රේණිගත කිරීම මට්ටම් දෙකකින් ඉහළ නැංවීමක් (Two-Notch Rating Upgrade) සිදු වූ දෙවන අවස්ථාව මෙය වීමයි. මීට පෙර මෙවැනි ඉහළ නැංවීමක් සිදු වූයේ 2010 වසරේදීය.


 

More News..