brand logo
logo
ලබන මාසයේ සිට රථ වාහන දඩ ගෙවීම Online ක්‍රමයට පමණයි

ලබන මාසයේ සිට රථ වාහන දඩ ගෙවීම Online ක්‍රමයට පමණයි

19 August 2026

සියලුම රථවාහන දඩ මුදල් ගෙවීම් සැප්තැම්බර් මාසයේ සිට මාර්ගගත තාක්ෂණය ඔස්සේ පමණක් සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි, ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවති ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ 2026 වසරේ ව්‍යාපෘති ප්‍රගති සමාලෝචන සාකච්ඡාවේදී ය.


ඩිජිටල් හැඳුනුම්පත මේ වසරේ අඟ නිකුත් කිරීම පිළිබඳව ද සාකච්ඡාවේදී අවධානය යොමු ව තිබේ.


එමෙන්ම රජයේ ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලිය සඳහා ශක්තිමත් දායකත්වයක් සැපයිය හැකි අන්දමින් රාජ්‍ය සේවයේ තොරතුරු තාක්ෂණ අවශ්‍යතා සඳහා තොරතුරු තාක්ෂණ සේවාව දීප ව්‍යාප්ත සේවාවක් ලෙස ස්ථාපිත කිරීමට අවධානය යොමු කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

 

More News..