බස් රථයක් සහ ත්රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටෙයි - සිව්දෙනෙකුට තුවාල
28 October 2026
බස් රථයක් සහ ත්රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටෙයි - සිව්දෙනෙකුට තුවාල
28 October 2026
මොනරාගල වැදිකුඹුර මාර්ගයේ කිලෝමීටර් හතරේ කණුව ආසන්නයේදී බස් රථයක් සහ ත්රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (28) උදෑසන මාරක අනතුරක් සිදුව තිබුණි.
අනතුරින් ත්රිරෝද රථයේ ගමන්ගත් 8 හැවිරිදි කුඩා දැරියක්, කාන්තාවක් ඇතුළු සිව්දෙනෙකු බරපතළ තුවාල ලබා මොනරාගල දිස්ත්රික් රෝහලට ඇතුළත් කර තිබේ.
එම තුවාලකරුවන් අතර සිටි වයස අවුරුදු 70ක් පමණ වන පිරිමි පුද්ගලයකු රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ මොනරාගල අලියාගත්ත ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මොනරාගල දෙස සිට වැදිකුඹුර දෙසට පැමිණි ත්රිරෝද රථයක් සහ වැදිකුඹුර දෙස සිට මොනරාගල දෙසට මගී ප්රවාහන බස් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබුණි.
මොනරාගල රථ වාහන අංශය විසින් මේ පිළිබඳව වැඩිදුරු විමර්ශන සිදුකරනු ලබයි.

