ජනපති අනුර සහ අමෙරිකානු තානාපති අතර විශේෂ හමුවක්
18 November 2026
ජනපති අනුර සහ අමෙරිකානු තානාපති අතර විශේෂ හමුවක්
18 November 2026
මෙරට අමෙරිකා එක්සත් ජනපද තානාපති එරික් මේයර් (Eric Meyer) මහතා අද (18) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී, දෙරට අතර අනාගත සහයෝගීතාව සහ හවුල් ප්‍රමුඛතා පිළිබඳව සාකච්ඡා කර තිබේ.
‘X’ සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් තානාපති මේයර් මහතා සඳහන් කර ඇත්තේ, මෙම සාකච්ඡාවේදී ආරක්ෂක සහයෝගීතාව, අන්තර්ජාතික අපරාධ මැඩලීම සඳහා සිදුකළ සාර්ථක ඒකාබද්ධ ප්රයත්න මෙන්ම ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයට සහාය වීම සඳහා විශ්වාසදායක අමෙරිකානු තාක්ෂණය භාවිත කිරීමට ඇති අවස්ථා පිළිබඳව පුළුල් ලෙස අවධානය යොමු කළ බවය.
නිදහස්, විවෘත සහ සමෘද්ධිමත් ඉන්දු-පැසිෆික් කලාපයක් තුළ පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, ආර්ථිකයන්ට දායක වන වෙළෙඳ මාර්ග ආරක්ෂා කිරීම සහ අමෙරිකානුවන්ට හා ශ්‍රී ලංකා ජාතිකයන්ට නව අවස්ථා උදාකර දීම වෙනුවෙන් මෙම ප්‍රගතිය මත පදනම්ව කටයුතු කිරීමට දෙපාර්ශ්වයම යළිත් ප්‍රතිඥා දුන් බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.


