හෙරොයින් ග්රෑම් 100ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
31 October 2026
හෙරොයින් ග්රෑම් 100ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
31 October 2026
අම්බලන්ගොඩ පොලිස් වසමේ බලපිටිය, හීනටිය ප්රදේශයේදී ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (30) දින දහවල් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබේ.
එම වැටලීමේදී හෙරොයින් ග්රෑම් 102 මිලිග්රෑම් 630ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබේ.
සැකකරු අවුරුදු 27 ක් වන බලපිටිය ප්රදේශයේ පදිංචිකරුවෙකි.
අම්බලන්ගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

