Best News Website award
brand logo
logo
දිවයින පුරා වායු ගුණාත්මකභාවය යළි යහපත් අතට

දිවයින පුරා වායු ගුණාත්මකභාවය යළි යහපත් අතට

24 November 2026

මෙරට වායුගෝලයට බලපෑම් එල්ල කළ ඉන්දියාවේ සිට පැමිණි විෂ දුමාරය ඊසානදිග සුළං සමඟ ඉවතට පහව ගොස් ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි.


පසුගිය දිනවල 200 AQI සීමාවට ආසන්න වී තිබූ මෙරට වායු ගුණාත්මක අගය, අද (24) වන විට 50 AQI මට්ටම දක්වා සැලකිය යුතු ලෙස පහත වැටී තිබේ.


ඒ අනුව, මධ්‍යම පරිසර අධිකාරිය මඟින් නිරන්තරයෙන් යාවත්කාලීන කරන දත්තවලට අනුව, මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු තත්ත්වය සෞඛ්‍යයට හිතකර, එනම් සෞඛ්‍ය අවදානමක් නොමැති තරම් යහපත් මට්ටමකට පැමිණ ඇත.


කෙසේ වෙතත්, කොළඹ දිස්ත්‍රික්කයේ බත්තරමුල්ල ප්‍රදේශයෙන් තවමත් 92 AQI ලෙස සුළු වායු දූෂණ තත්ත්වයක් වාර්තා වේ.

තවද, බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රදේශයේ වායු දූෂණය තරමක් ඉහළ මට්ටමක පවතින අතර එය 119 AQI ලෙස සටහන් වී ඇත. මෙය සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇති කළ හැකි අවදානම් මට්ටමකි.


ගෙවුණු දින කිහිපය තුළ දිවයින පුරාම ඉතා ඉහළ වායු දූෂණයක් පැවති අතර, විශේෂයෙන්ම යාපනය දිස්ත්‍රික්කයේ වායු දූෂණ මට්ටම දින කිහිපයක් පුරා 200 AQI අගය දක්වා ඉහළ ගොස් තිබුණි.

 

More News..