brand logo
logo
ඥානෝදය විදුහල්පති කේ.කේ. සමන්ත “ගුරු ප්‍රතිභා ප්‍රණාම’’ සම්මානයෙන් පිදුම් ලබයි

ඥානෝදය විදුහල්පති කේ.කේ. සමන්ත “ගුරු ප්‍රතිභා ප්‍රණාම’’ සම්මානයෙන් පිදුම් ලබයි

08 October 2026

ජාත්‍යන්තර ගුරු දිනය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මෙහෙයවූ “ගුරු ප්‍රතිභා ප්‍රණාම’’ සම්මාන උළෙල අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය 06 වැනිදා කොළඹ ආනන්ද විද්‍යාලීය කුලරත්න ශාලාවේදී පැවැත්විණි.


මෙහිදී කළුතර අධ්‍යාපන කලාපයේ විශිෂ්ටතම විදුහල්පතිවරයාට හිමි සම්මානය, කළුතර ඥානෝදය විද්‍යාලයේ විදුහල්පති කේ.කේ. සමන්ත මහතා විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා අතින් ලබා ගන්නා ලදී.


මෙලෙස ඇගයුමට ලක්වූ විදුහල්පතිවරයා පිළිගැනීමේ විශේෂ උත්සවයක් පාසල් සංවර්ධන සමිතිය, ආදි ශිෂ්‍ය සංගමය සහ කළුතර එක්සත් වෙළෙඳ හා කර්මාන්ත හිමියන්ගේ සංගමය එක්ව ඊයේ (07 වැනිදා) සංවිධානය කර තිබුණි.


එහිදී කළුතර දකුණ පොලිස් ස්ථානය අසලදී උණුසුම් ලෙස පිළිගත් විදුහල්පතිවරයාව කළුතර නගරය මැදින් පෙරහැරකින් විද්‍යාලය වෙත කැඳවාගෙන එන ලදී.


පාසල් දරු දැරියන්ගේ මෙන්ම ගුරු භවතුන්ගේ සංස්කෘතිකාංගයන්ගෙන් වර්ණවත් වූ මෙම අවස්ථාවට සහකාර විදුහල්පති පැලවත්තේ සීවලී හිමි, කළුතර නගරාධිපති ධනුජ් සෝමරත්න, කළුතර කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ප්‍රියන්ත අබේකෝන්, නියෝජ්‍ය විදුහල්පතිවරුන් වන පියල් බෝපිටිය සහ ඉනෝකා දම්මි, පාසල් සංවර්ධන සමිතියේ ලේකම් ජනක මාධව, කළුතර එක්සත් වෙළෙඳ හා කර්මාන්ත හිමියන්ගේ සංගමයේ සභාපති රංග මනෝජ් හා ලේකම් මහේන්ද්‍ර පෙරේරා යන මහත්වරුන් ඇතුළු ආරාධිතයින් රැසක් එක්ව සිටියහ.


 

More News..