සුනඛයෙකු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියයයි
6 days ago
Share on
ඇමෙරිකාවේ කන්සාස් ප්‍රාන්තයේ සුනඛයෙකු සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියගිය පුද්ගලයා දඩයම් කිරීමෙන් අනතුරුව ඔහුගේ ගිනි අවිය අනාරක්ෂිතව ට්‍රක් රථයේ පසුපස ආසනයේ තබා රියදුරු අසුනේ වාඩි වී ඇති අතර සුනඛයා පිටුපස ආසනයට පැන ගිනි අවිය මත පය තැබීම හේතුවෙන් ගිනි අවිය ක්‍රියාත්මක වී ඇති බවයි.
මියගිය පුද්ගලයා 30 හැවිරිදි වියේ පසුවන්නෙක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය 21 වැනිදා දඩයම් කිරීමට ගිය අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇති බව කන්සාස් ප්‍රාන්ත පොලිසිය පවසා ඇත.