brand logo
logo
තියුණු ආයුධයකින් පහරදී  කාන්තා ඝාතනයක්

තියුණු ආයුධයකින් පහරදී කාන්තා ඝාතනයක්

07 August 2026

වෙළගෙදර පොලිස් වසමට අයත් අඹකොටේ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී 48 හැවිරිදි කාන්තාවක ඝාතනය කර තිබේ.


ඊයේ (06) උදෑසන සිදුවූ මෙම අපරාධයට හේතුවී ඇත්තේ පවුල් ආරවුලක් දුරදිග යාමයි. එම ආරවුල අතරතුර සැමියා විසින් එල්ල කළ ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ කාන්තාව මාවතගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.


ඝාතනය සම්බන්ධයෙන් වයස අවුරුදු 50ක් වන සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ වැලගෙදර පොලිසිය විසින් පවත්වනු ලබයි.

 

More News..