දැදුරුඔය ජලාශයේ තවත් වාන් දොරටු දෙකක් විවෘත කරයි
07 November 2026
දැදුරුඔය ජලාශයේ තවත් වාන් දොරටු දෙකක් විවෘත කරයි
07 November 2026
දැදුරුඔය ජලාශයට ලැබෙන ජල ප්‍රමාණය වැඩිවීමත් සමඟ අඩිය බැගින් තවත් වාන් දොරටු දෙකක් විවෘත කිරීමට පියවර ගත් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව අඩිය බැගින් විවෘත කර ඇති වාන් දොරටු සංඛ්‍යාව අට දක්වා ඉහළ යනු ඇත.
මේ වනවිට එම ජලාශයෙන් දැදුරුඔයට තත්පරයට ඝන අඩි 5500ක ජල ප්‍රමාණයක් නිකුත් කෙරෙන බව සඳහන්ය.
ජලාශයට ලැබෙන ජල ප්‍රමාණය හා වර්ෂාපතනය අනුව වාන් දොරටු විවෘත කිරීමේ ප්‍රමාණයක්ද වෙනස් විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ හේතුවෙන් දැදුරු ඔය පහළ ප්‍රදේශයේ පදිංචිව සිටින ජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසට වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

