දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධනයක්
25 January 2024
දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධනයක්
25 January 2024
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණ කිහිපයකට එළැඹ තිබේ.
ඒ අනුව ප්‍රධාන වශයෙන් දණ්ඩ නීති සංග්‍රහය සඳහා සංශෝධනයන් ඉදිරිපත් කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් ව්‍යස්ථාපිත ස්ත්‍රී දුෂණය පිළිබඳ නීති සංශෝධනය කිරීම සඳහාත්, ස්ත්‍රී දුෂණය සම්බන්ධ නීතියේ පවතින අඩුපාඩු නිවැරදි කිරීම සඳහා සහ පිරිමි ළමයින් දුෂණය කිරීම සාපරාධී ක්‍රියාවක් බවට පත්කිරීම සඳහාත් දණ්ඩ නීති සංග්‍රහය සඳහා සංශෝධන හඳුන්වා දීමට 2021.01.18 සහ 2021.06.28 යන පැවති අමාත්‍ය මණ්ඩලයේ දී අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ.
එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට එලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.