brand logo
logo
RDB බැංකුවේ ජාඇල ශාඛාව නව පරිශ්‍රයකට

RDB බැංකුවේ ජාඇල ශාඛාව නව පරිශ්‍රයකට

21 July 2025

දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව වන RDB බැංකුව, සිය ශාඛා ජාලය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියක යටතේ බස්නාහිර පළාත් ජාඇල ශාඛාව 2025.07.07 දින නව පරිශ්‍රයක ස්ථාපනය කරන ලදී. මෙම අවස්ථාව සාමාන්‍යාධිකාරී/ ප්‍රධාන විධායක නිලධාරී (වැඩ ආවරණ)ඩී.එම්.ටී.එස්.කුමාර මහතාගේ ආරාධනයෙන්, සභාපති ලසන්ත ප්‍රනාන්දු, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන රමණි විජේරත්න සහ ඩබ්ලිව්.රණවීර යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.


පාරිභෝගික සේවාව සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ අරමුණින්, බැංකුව මෙම ශාඛාව නවීන පරිසරයකට සහ නව පහසුකම් සහිත ස්ථානයකට මාරු කර ඇත. 90, 90/් , මීගමුව පාරල ජා ඇල ලිපිනයෙහි මෙම නව ස්ථානය, දියුණු කළ යටිතල පහසුකම්, පුළුල් කළ පාරිභෝගික සේවාවන් සහ නවීන ඩිජිටල් බැංකු පහසුකම් සපයයි.


බැංකු නිලධාරීන් පෙන්වා දෙන්නේ මෙම ශාඛා පරිශ්‍රය මාරු කිරීම, ගනුදෙනුකරුවන්ගේ වැඩිවන අවශ්‍යතා සපුරාලීම සඳහා වඩාත් පහසු ප්‍රවේශය සහ උසස් සේවාවන් ලබාදීමේ පුළුල් ව්‍යාපෘතියක කොටසක් බවය.


මෙම අවස්ථාව පිළිබඳ අදහස් දක්වමින්, RDB බැංකුවේ සභාපති ලසන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ “ RDB බැංකුවට ජාඇල ශාඛාව සුවිශේෂී ශාඛාවක්, මන්ද එය වටා පෙල ගැසී සිටින කාර්මික, වෙළඳ හා ව්‍යාපාරික ප්‍රජාවට සහනදායී පොලී අනුපාතයන් තුලින් මූල්‍ය පහසුකම් ලබා දීමට හැකි වීමයි. ඒ තුලින් ඔවුන් ජාතික ආර්ථිකයේ ප්‍රබල කොටස්කරුවන් බවට පත් කිරීම අපගේ අරමුණයි. එම අරමුණ වෙනුවෙන් නවීකරණය වූ පහසුකම් සහිතව වේගවත් හා කාර්යක්ෂම සේවාවක් ඔබ වෙත සැපයීමට ජාඇල ශාඛාවේ කාර්ය මණ්ඩලයද සැදී පැහැදී සිටිනවා“යනුවෙනි. 


මෙම අවස්ථාවට සමගාමීව ගණුදෙනුකාරභවතුන් වෙත මූල්‍ය පහසුකම් ප්‍රදානය-තැන්පතු භාරගැනීම-QR සේවාව ප්‍රදානයද සිදුවීණි. බස්නාහිර පළාත් සාමාන්‍යාධිකාරිණී මනෝජිකා හේරත් මහත්මියගේ උපදේශකත්වයෙන්, දිස්ත්‍රික් කලමනාකාරිනී ගීතා පෙරේරා, සහකාර දිස්ත්‍රික් කලමනාකාරවරුන් ඇතුළුව පළාත්, දිස්ත්‍රික්, ශාඛා කාර්ය මණ්ඩලය විසින් ඉතා උත්කර්ෂවත් ලෙස උත්සවය සංවිධානය කර තිබුණි. මෙම අවස්ථාවට පැමිණි ආයතනික කලමනාකාරීත්වය ඇතුළුව ගණුදෙනුකාරභවතුන් සැමට ස්තුතිය පිරිනැමීම ශාඛා කලමනාකාර කනිෂ්ක බංඩාර මහතා විසින් සිදු කෙරිණි.


වැඩි විස්තර සඳහා, 011-2226606 දුරකථන අංකය හරහා ශාඛාව ඇමතීමෙන් හෝ නිල වෙබ් අඩවිය වන www.rdb.lk වෙත පිවිසීමෙන් ලබාගත හැක.

 

More News..