මොනරාගල රිය අනතුරකින් තුවාල ලැබූ තරුණයෙකු මරුට
27 November 2026 | කැලුම් ගුණතිලක-මොනරාගල
මොනරාගල රිය අනතුරකින් තුවාල ලැබූ තරුණයෙකු මරුට
27 November 2026 | කැලුම් ගුණතිලක-මොනරාගල
මොනරාගල පොලිස් වසමට අයත් මොනරාගල වැල්ලවාය මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී 24 වෙනිදා රාත්රී මෝටර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් සිදු වූයේ අනතුරකින් තුවාල ලබා මොනරාගල දිස්ත්රික් මහ රෝහලේ ප්රතිකාර ලබමින් සිටි තරුණයෙකු අද (27) වෙනිදා මියගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ බුත්තල ඌව පැල්වත්ත කුකුරන්පොළ පාර පදිංචි 21 හැවිරිදි අවිවාහක තරුණයෙකි.
ඔහු සිය යතුරුපැදියෙන් මොනරාගල සිට වැල්ලවාය දෙසට යමින් සිටියදී මොනරාගල හොරොම්බුව හංදිය අසල නතර කර තිබූ මෝටර් රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලබා මොනරාගල දිස්ත්රික් රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් තිබේ.
මියගිය අයගේ මරණය පිළිබඳව හදිසි මරණ පරීක්ෂණය සහ පච්චාත් මරණ පරීක්ෂණයඅද මොනරාගල දිස්ත්රික් මහ රෝහලේදී පැවැත්විණි.
මොනරාගල පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක සේපාල රත්නායක පරීක්ෂණ පවත්වයි.


