brand logo
logo
72 හැවිරිදි ගෘහ සේවිකාවට පහරදී මාලය කඩාගෙන

72 හැවිරිදි ගෘහ සේවිකාවට පහරදී මාලය කඩාගෙන

26 August 2026 | ලක්ඛ්ත විද්‍යසේකර -කළුතර

හෙද නිලධාරිනියකගේ නිවසේ සේවය කරමින් සිටි 72 හැවිරිදි කාන්තාවකට පහරදී ඇය පැළඳ සිටි රුපි‍යල් ලක්ෂ 1 1/2 ක් වටිනා පෙන්ඩනය සහිත රන් මාලය කොල්ල කා පළා ගිය පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමට වරකගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි .


නෑබඩ , නාහල්ලේ පදිංචි අබේවර්ධන චන්ද්‍රාවතී යන අය විසින් පොලිසියට කරන ලද පැමිණිල්ල අනුව මේ පිළිබඳ පරික්ෂණ ආරම්භ කොට තිබේ.


ඊ‍යේ (25) උදේ 6.40 ට පමණ තමා මුළුතැන්ගෙයි සේවය කරමින් සිටියදී පිටුපසින් ආ පුද්ගලයෙකු බෙල්ලෙන් අල්ලා මුඛය වසා ඇදගෙන ගොස් කාමරයේ ඇඳට තල්ලු කර දැමූ බවත් පසුව කම්මුලට පහරදී ගෙල බැඳි මාලය කඩාගෙන පළා ගිය බවත් ඇය පොලිසියට කර තිබූ පැමිණිල්ලේ සඳහන්වේ .


වරකගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එම්.සමන් පාලිත මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති පොලිස් සැරයන් කුමාර (61792) මහතා ඇතුළු නිලධාරීන් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි .

 

More News..