brand logo
logo
ගමන් බෑගයක් තුළ කාන්තා මළ සිරුරක්

ගමන් බෑගයක් තුළ කාන්තා මළ සිරුරක්

21 May 2026

සිදූව පොලිස් වසමේ මූකලන්ගමුව ප්‍රදේශයේ නිවසකින් දුර්ගන්ධයක් හමන බවට ඊයේ (20) සවස සීදූව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එම නිවස පරීක්ෂා කිරීමේදී නිදන කාමරයක තබා තිබූ ගමන් බෑගයක් තුළ කාන්තා මළ සිරුරක් ඇති බවට නිරීක්ෂණය වූ බව පොලිසිය පවසයි.


මරණකාරීය අවුරුදු 79 ක් වූ මූකලන්ගමුව, සිදූව ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි පොලිසිය පවසන්නේ.


මරණකාරීය එම නිවසේ තනිව පදිංචිව සිට ඇති අතර නිවසේ සව්කර තිබූ සීසීටීවී කැමරා ගලවා ඉවත් කර ඇති බවත්, දුරකථන රැහැන් කපා ඇති බවත්, දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබේ .


මෙම ඝාතනය සම්බන්ධයෙන් වයස අවුරුදු 42ක් වන සැකකරුවෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය සඳහන් කර තිබේ.


ඝාතනය සම්බන්ධව මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද (21) දිනයේ දි සිදුකෙරේ .

 

More News..