මෝටර් රථ සහ ත්‍රීරෝද රථ ටයර් සඳහා නව ප්‍රමිතීන්
01 October 2026
මෝටර් රථ සහ ත්‍රීරෝද රථ ටයර් සඳහා නව ප්‍රමිතීන්
01 October 2026
ශ්‍රී ලංකාවට ආනයනය කරන මගී මෝටර් රථ සහ ත්‍රීරෝද රථ ටයර් සඳහා නව ශ්‍රී ලංකා ප්‍රමිතීන් අනිවාර්ය කර තිබේ.
ඒ අනුව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2026 අංක 08 දරන ආනයන හා අපනයන පාලන රෙගුලාසි යටතේ අදාළ නව රෙගුලාසි හඳුන්වා දෙමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
එමඟින් 2024 මැයි 17 වැනිදා නිකුත් කළ අංක 2384/35 දරන ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර තිබූ ප්‍රමිතිකරණ සහ තත්ත්ව පාලන රෙගුලාසි තවදුරටත් සංශෝධනය කර තිබේ.
ඒ අනුව, එම රෙගුලාසිවල B උපලේඛනයට මගී මෝටර් රථ ටයර් සහ ත්‍රීරෝද රථ සඳහා වන නියුමැටික් ටයර් ඇතුළත් කර ඇත.
මගී මෝටර් රථ ටයර් සඳහා SLS 1212 ප්‍රමිතියත්, ත්‍රීරෝද රථ සඳහා වන නියුමැටික් ටයර් සඳහා SLS 1347 ප්‍රමිතියත් අදාළ වේ.
මගී මෝටර් රථ ටයර් සඳහා H.S. කේතය 4011.10.90 වන අතර, ත්‍රීරෝද රථ ටයර් සඳහා H.S. කේතය 4011.90.10 වේ.
මෙම නව රෙගුලාසි 2027 ජනවාරි 1 වැනිදා හෝ ඉන් පසුව ශ්‍රී ලංකාවේ ඕනෑම වරායකට හෝ ගුවන් තොටුපළකට පැමිණෙන අදාළ ටයර් සඳහා බලපැවැත්වෙනු ඇත.

