සුපිරි බලවතා වීමේ තරගය මැද චීනය තුළ රැකියා අර්බුදයක්
27 November 2026
සුපිරි බලවතා වීමේ තරගය මැද චීනය තුළ රැකියා අර්බුදයක්
27 November 2026
තාක්ෂණික ආධිපත්‍යය, හමුදා නවීකරණය සහ ගෝලීය බලපෑම ඔස්සේ ලොව සුපිරි බලවතා වීමේ තරගයක නිරතව සිටියද, චීනය අභ්‍යන්තරයේ බරපතළ රැකියා අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෘත්‍රිම බුද්ධිය (AI) සහ විදුලි වාහන නිෂ්පාදනයේ සිට අභිලාෂකාමී භූ-දේශපාලනික වැඩපිළිවෙළක් දක්වා බීජිං පාලනයේ ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ, අමෙරිකා එක්සත් ජනපදය අබිබවා ලොව ප්‍රමුඛතම බලවතා බවට පත්වීමයි.
නිල දත්තවලට අනුව 2026 සැප්තැම්බර් මාසය වන විට චීනයේ නාගරික විරැකියා අනුපාතය 5.2% ක මට්ටමක පැවති අතර, චීන රජය එය පෙන්වා දෙන්නේ ස්ථාවර ශ්‍රම වෙළෙඳපොළක් පවතින බවට සාක්ෂියක් ලෙසිනි.
කෙසේ වෙතත්, මිලියන සංඛ්‍යාත චීන කම්කරුවන්ට, විශේෂයෙන්ම වයස්ගත රැකියා අපේක්ෂකයින්ට සහ නව උපාධිධාරීන්ට මෙම නිල සංඛ්‍යාලේඛනවල කිසිදු ප්‍රායෝගික සත්‍යතාවක් නොමැති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
චීනය විරැකියාව මැනීම සඳහා යොදා ගන්නා සමීක්ෂණ ක්‍රමවේදයට අනුව, අදාළ සමීක්ෂණ කාලසීමාව තුළ සුළු හෝ ගෙවීමක් ලබන ඕනෑම රැකියාවක නිරත වන්නෙකු රැකියා නියුක්තිකයෙකු ලෙස සැලකෙයි. ආර්ථික විද්‍යාඥයන් පවසන්නේ මෙම අර්ථ දැක්වීම හරහා පවතින වඩාත් ගැඹුරු රැකියා අර්බුදය යටපත් වන බවයි.
නිල විරැකියා අනුපාතය වසර ගණනාවක් පුරා නොවෙනස්ව පැවතියද, විරැකියා ප්රතිලාභ ලබන පුද්ගලයින්ගේ සංඛ්‍යාව සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් අනාවරණය කරයි.


