brand logo
logo
වහලය මත සවිකරන සූර්යය පැනල සඳහා වන සීමා ඉවත්කිරීමට සැලසුම්

වහලය මත සවිකරන සූර්යය පැනල සඳහා වන සීමා ඉවත්කිරීමට සැලසුම්

20 September 2026

වහලය මත සවි කරන සූර්යය පැනල සදහා වන සීමා ඉවත්කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.


ගාල්ල ප්‍රදේශයේදී පැවති වැඩසටහනකදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අනුර කරුණාතිලක අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

"දැනට කරලා තියෙන සීමා කිරීම් ඉදිරියේදී ඉවත් කරන්න හැකියාව ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම රජය හැටියට අපි කල්පනා කරලා බලනවා ගෘහස්ථ පාරිභෝගිකයන්ට තමන්ගේම බැටරි පද්ධතියක් පාව්ච්චි කරලා නිවස තුළ රාත්‍රී කාලයේදී භාවිතා කරන්න අවස්ථාව ලබාදෙන්න' ඒ සඳහා ඒ සඳහා අපිට කිසියම් විදියක බදු සහනයක් ඒ වගේම බැටරි සඳහා කිසියම් ප්‍රමිතියක් හඳුන්වාදීලා කටයුතු කළොත් ඒ සඳහා අවශ්‍යවන බදු සහන ලබාදීමේ හැකියාව පිළිබඳ රජය හැටියට කල්පනා කරමින් ඉන්නවා"

 


 

More News..