brand logo
logo
 පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් යළි රිමාන්ඩ්

පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් යළි රිමාන්ඩ්

08 September 2026


මඩකලපුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් යළිත් ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.


මඩකලපුවේ පිහිටි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ කාර්යාල නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් උන්වහන්සේ ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබුණි.


අනතුරුව අම්පිටියේ සුමනරතන හිමියන් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (08) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණි. 

 

More News..