brand logo
logo
  සැකකරුවන් තිදෙනෙකු සොයන්න පොලිසිය මහජන සහාය ඉල්ලයි

සැකකරුවන් තිදෙනෙකු සොයන්න පොලිසිය මහජන සහාය ඉල්ලයි

04 October 2026


විමර්ශනයක් සඳහා අවශ්‍ය කර සිටින සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය අපේක්ෂා කරයි.


බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය මගින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව මෙම සැකකරුවන් අවශ්‍ය කර සිටින බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.


මෙම සැකකරුවන් මේ වනවිට පදිංචි ප්‍රදේශවලින් පලාගොස් සැඟවී සිටින අතර ඔවුන් පිළිබඳ යම් තොරතුරක් දන්නේ නම් ළඟම පිහිටි පොලිස් ස්ථාන වෙත දැනුම්දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.


එසේත් නොමැතිනම් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ 0718 592 167 යන දුරකථන අංකයට ද තොරතුරු දැනුම්දිය හැකිය.


සැකකරුවන් පිළිබඳ විස්තර පහතින්,


රාජපක්ෂ පතිරණගේ හිමාලි සෙව්වන්දි

නො.12, 4 වන අදියර, ඔබේසේකර පාර, ගල්කිස්ස

ජා.හැ. අංක - 199880503210


 

රාජපක්ෂ පතිරණගේ තරිඳු ජීවන්ත

ජා.හැ. අංක - 200430904977


 

බද්දේගම පතිරණගේ විරාජ් නිමශ්ක

නො.16, 4 වන අදියර, අබේසේකර පෙදෙස, ගල්කිස්ස

ජා.හැ. අංක - 199532800493

 

More News..