ආරුගම්බේ මත්පැන් අලෙවි කළ ආපනශාලා සහ සැකකරුවන් සුරාබදු භාරයට
04 October 2026 | ඉසුරු අසංක-සපුගස්කන්ද , සිසිල ගුණතිලක-ගනේමුල්ල,තෙවිදු දිනයන-දෙල්ගොඩ
ආරුගම්බේ මත්පැන් අලෙවි කළ ආපනශාලා සහ සැකකරුවන් සුරාබදු භාරයට
04 October 2026 | ඉසුරු අසංක-සපුගස්කන්ද , සිසිල ගුණතිලක-ගනේමුල්ල,තෙවිදු දිනයන-දෙල්ගොඩ
ආරුගම්බේ සංචාරක කලාපය තුල වැටලීම් ගණනාවක්ම දීප ව්‍යාප්ත සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ සුරාබදු අධිකාරි කාර්යාලය මගින් පසුගිය සති අන්තයේ සිදු කර ඇත.
මෙහිදි ආරුගම්බේ සංචාරක කලාපය තුල නීතී වීරෝධීව හා සුරාබදු බලපත්‍ර නොමැතිව බියර් හා මත්පැන් අලෙවි කළ ආපනශාලා 16 ක් සාර්ථකව වටලා තිබේ.
මෙම වැටලීමේදි එම ආපනශාලා වල තිබි බියර් හා මත්පැන් ඇතුළු රටබීම බෝතල් දහසකට වැඩි ප්‍රමාණයක් අත් අඩංගුවට ගෙන තිබෙන අතර ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 08 කට අධික වන බව කියති
ඒ සමගම එම ආපනශාලා 16 යේ මීට සම්බන්ධ සැකකරුවන් 16 දෙනෙකු සුරාබදු අධිකාරි කාර්යාලය භාරයට ද ගැනිණි.
මෙම ආපනශාලා බොහොමයක පිටතට පෙනෙන පරිදි මත්පැන් වෙළෙදාම් කරන අතර එම ආපනශාලාවල බියර් බෝතලයක් රුපියල් දහසක් හෝ ඊට වඩා වැඩි මිලකට අලෙවි කරන බව සුරාබදු අධිකාරි කාර්යාලය කියයි.
මේ අවට බලපත් ස්ථාන 06 ක් පමණ තිබෙන අතර මෙයින් රජයේ නීතීරීති වලට යටත්ව වෙළෙදාම් කරන අයට මහත් අසාධාරණයක් සිදුවන බවද ඔව්හු පෙන්වා දෙති.
අත් අඩංගුවට ගත් සැකකරුවන් 16 දෙනා සුරාබදු ඇප මත මුදා හැර තිබෙන අතර ඔවුන් ලබන ( 06 වැනිදා) පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරේ.

