brand logo
logo
රත්නපුර රෝහලේ වෛද්‍යවරුන් තිදෙනකුට විනය පරීක්ෂණයක්

රත්නපුර රෝහලේ වෛද්‍යවරුන් තිදෙනකුට විනය පරීක්ෂණයක්

19 August 2025 | සාලිය කුමාර ගුණසේකර


රත්නපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනකු රාජකාරි කාලය තුළදී පුද්ගලික රෝහලක සිසේරියන් සැත්කමක් සිදු කිරීමට සහභාගිවීම සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් කරන ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් යොමුකර ඇත.


රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු, ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකු සහ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයකු ඉකුත් 14 වැනිදා රාජකාරි වේලාව තුළදී රත්නපුර ප්‍රදේශයේ පුද්ගලික රෝහලක සිසේරියන් සැත්කමක් සිදු කිරීමට සහභාගිවී ඇති බවත්, ඊට රෝහලේ කණිෂ්ඨ වෛද්‍ය නිලධාරීන්ද සහභාගි කරගෙන තිබෙන බවට තොරතුරු ලැබී ඇති බවත් රෝහල් අධ්‍යක්ෂවරයා යොමු කරන ලද ලිපියේ දැක්වේ.


මෙම විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනා පොදු චක්‍රලේඛ අංක 02/99 චක්‍රලේඛයේ විධිවිධාන උල්ලංඝනය කර ඇතැයි ද සඳහන්ය.


 

More News..