brand logo
logo
හෙල්මට් කර්මාන්ත ශාලාවක ගින්නකින් මියගිය දමයන්තිගේ සිරුර නිවසට රැගෙන එයි

හෙල්මට් කර්මාන්ත ශාලාවක ගින්නකින් මියගිය දමයන්තිගේ සිරුර නිවසට රැගෙන එයි

23 July 2026


හෝමාගම හෙල්මට් කර්මාන්ත ශාලාවක පසුගිය දා ඇති වූ ගින්නකින් මිය ගිය මස්කෙළිය කුයිස්ලන්ඩ් කොටසේ පදිංචිව සිටි 26 හැවිරිදි වරදරාජන් දමයන්තිගේ සිරුර (23) දින අලුයම 3:00ට ඇගේ නිවසට රැගෙන විත් තිබේ.


ඇගේ දේහය සහිත පෙට්ටියට මුද්‍රා තබා ඇත.


පවුලේ දෙවනියා වූ මිය ගිය වරදරාජන් දමයන්තිට වැඩිමහල් සොයුරෙක් සහ බාල සොයුරන් දෙදෙනෙකුද ඇතුලේ මව් පියන් සමග පවුලේ 6 දෙනෙකු සිටින අතර, ඇගේ පියා එම වතුයායේ වතු කම්කරුවෙකු වශයෙන් සේවය කරයි.


තම පවුලේ පවතින ආර්ථික අපහසුකම් නිසා මීට මාස 6කට ප්‍රථම ඇය හෝමාගම හෙල්මට් කර්මාන්ත ශාලාවේ රැකියාවට එක් වී ඇත.


ඇය අවසන්වරට සිංහල හින්දු අලුත් අවුරුද්දට දින දෙකක් නිවාඩුට නිවසට පැමිණ නැවත රැකියාවට ගිය බවයි පවුලේ ඥාතීන් කියා සිටියේය.


ඇගේ අවසන් කටයුතු (23) දින එම වතුයායේ පොදු සුසාන භූමියේදි සිදු කරන බවයි ඇයගේ පවුලේ සාමාජිකයන් කියා සිටියේය.

 

More News..