Best News Website award
brand logo
logo
හයිටියේ පොලිස් මෙහෙයුමකින් කල්ලි සාමාජිකයින් 34ක් මරුට

හයිටියේ පොලිස් මෙහෙයුමකින් කල්ලි සාමාජිකයින් 34ක් මරුට

20 November 2026


හයිටි රාජ්‍යයේ මාටිසන්ට් ප්‍රදේශයේ සිදුකළ විශේෂ පොලිස් මෙහෙයුමකදී සන්නද්ධ කල්ලි සාමාජිකයින් යැයි සැකකෙරෙන පුද්ගලයින් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට පොලිසිය පවසයි.


වසර 5කට අධික කාලයක් තිස්සේ විවිධ සන්නද්ධ කල්ලිවල පාලනයට නතුව ඇති මෙම ප්‍රදේශය මුදාගැනීම සඳහා මෙම පොලිස් මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.


හයිටි පොලිසිය නිවේදනය කර ඇත්තේ, මෙම මෙහෙයුමට 'වෙක්ටස් ග්ලෝබල්' නැමැති පෞද්ගලික ආරක්ෂක සමාගමේ විශේෂ සංවිධානාත්මක අපරාධ මර්දන බලකායේ සහාය හිමිවූ බවය.


මෙම බලප්‍රදේශයේ සන්නද්ධ රථ ගමන් කරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන ද පොලිසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.


මෙහෙයුම අතරතුර වෙනත් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති අතර, දැනට හයිටිය තුළ රැඳී සිටින 2,500කට ආසන්න එල් සැල්වදෝර හමුදා නිලධාරීන් කිසිවෙකු මෙම මෙහෙයුම සඳහා සම්බන්ධ වී නොමැති බවද පොලිසිය තහවුරු කර ඇත.


මාටිසන්ට් ප්‍රදේශය, හයිටියේ පෝට්-ඕ-ප්‍රින්ස් අගනුවර සහ බටහිර හා දකුණු පස පිහිටි නගර එකිනෙක යා කෙරෙන ප්‍රධාන මාර්ගයේ පිහිටා තිබේ.


කෙසේ වතෙත් 2021 වසරේදී සන්නද්ධ කල්ලි අතර හටගත් ගැටුම්වලට මෙම ප්‍රදේශය ගොදුරු විය.


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 2022 ජූලි වාර්තාවකට අනුව මෙම අර්බුදය හේතුවෙන් 19,000කට වැඩි පිරිසකට තම නිවාස අතහැර පලා යාමට සිදුව ඇත.


කල්ලි පාලනය යටතේ පැවති මෙම මාර්ගය ඔස්සේ ගමන් ගන්නා වාහනවලින් කප්පම් ගැනීම් සහ වෙඩිතැබීම් නිතර සිදුවීම නිසා නගරය වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කිරීම දැඩි ලෙස අඩාල වී තිබුණි.

 

More News..