brand logo
logo
ට්‍රම්ප්‌ට ජය අත්කර දෙමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව

ට්‍රම්ප්‌ට ජය අත්කර දෙමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව

27 June 2025

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනයට ජයග්‍රහණයක් අත්කර දෙමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබාදී තිබේ.


ඒ අමෙරිකානු තනි ෆෙඩරල් විනිසුරුවන්ට විධායක ජනාධිපති විසින් ගන්නා ක්‍රියාමාර්ග අවහිර කිරීමට ඇති බලය සිමා කරමිනි.


6ට 3ක් ලෙස මෙම තීන්දුව ලබාදීලා ඇත්තේ, උපත් අයිතිය පිළිබඳ පුරවැසිභාවය ලබා ගැනීම සම්බන්ධයෙන් වූ නඩුවකට අදාළවය.


රට පුරා ෆෙඩරල් අධිකරණ විනිසුරුවන් විසින් නිකුත් කර තිබෙන වාරණ නියෝග කොංග්‍රසය විසින් වෙනත් අධිකරණවලට ලබා දී ඇති බලය ඉක්මවා යෑමක් ලෙස ද එම තීන්දුවෙන් ප්‍රකාශයට පත් කර තිබේ.


එසේ වුවත් උපත් අයිතිය පිළිබඳ පුරවැසිභාවය ලබා ගැනීම සම්බන්ධයෙන් ට්‍රම්ප් විසින් ගනු ලැබූ විධායක නියෝග ව්‍යවස්ථානුකූල ද නැද්ද සම්බන්ධයෙන් මෙම නිශ්චිත තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී නොමැති බව ද වාර්තා වේ.

 

More News..