නේපාලයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීමට කැබිනට් අනුමැතිය
01 September 2026
නේපාලයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීමට කැබිනට් අනුමැතිය
01 September 2026
නේපාල රජය වෙත අමෙරිකානු ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් ලබාදීම සඳහා වන යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
2026-08-26 දින, උතුරු නේපාලයේ රඝුවා දිස්ත්‍රික්කයේ ඇති වූ විනාශකාරී හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් විශාල පිරිසකට ජීවිත අහිමි වී මහා පරිමාණයේ දේපළ හානි සිදුව ඇත.
මෙම ආපදා තත්ත්වයේ බරපතළ ස්වභාවය හේතුවෙන් නේපාල රජය සහ ජනතාව මත සැලකිය යුතු මානුෂීය බරක් පැටවී ඇති අතර, අතුරුදන් වූ පුද්ගලයින් සෙවීමේ මෙහෙයුම් කටයුතු අඛණ්ඩව සිදු කිරීම, තවදුරටත් ගංවතුර ඇති වීමේ අවදානම සහ යටිතල පහසුකම්වලට විශාල ලෙස හානි සිදු වී තිබීම යන හේතූන් නිසා සහන හා ප්‍රතිසාධන සහාය කඩිනමින් ලබා දිය යුතුව තිබේ.
ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පවතින ගැඹුරු සංස්කෘතික, ආගමික සහ අන්‍යෝන්‍ය ජන සබඳතා මත පදනම් වූ දිගුකාලීන මිත්‍ර සබඳතා සහ බරපතළ ස්වභාවික ආපදාවකින් සිදුවන විනාශකාරී මානුෂීය හා ආර්ථික ප්‍රතිවිපාක සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අත්දැකීම සැලකිල්ලට ගෙන, ශ්‍රී ලංකා රජය විසින් නේපාල රජය වෙත මානුෂීය ආධාර වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් සිදු කිරීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

