brand logo
logo
  සිව්දෙනෙකුට මරු කැඳවූ අකුරණ මාරක රිය අනතුර

සිව්දෙනෙකුට මරු කැඳවූ අකුරණ මාරක රිය අනතුර

19 October 2026


අකුරණ, කුරුගොඩ හන්දිය ප්‍රදේශයේදී සිදුවූ මාරක රිය අනතුරකින් පුද්ගලයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.


අද (19) පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.


සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක්, රියදුරුට පාලනය කරගැනීමට නොහැකිවීම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.


අනතුරින් ත්‍රිරෝද රථ, ලොරි රථ සහ යතුරුපැදි ඇතුළු වාහන අටකට පමණ හානි සිදුව ඇති බව වාර්තා වේ.


එමෙන්ම, මේ හේතුවෙන් මාර්ගයේ ගමන් කරමින් සිටි පදිකයන් කිහිපදෙනෙකු ද අනතුරට ලක්ව තිබේ.


අනතුරින් ජීවිතක්ෂයට පත්වූ සිව්දෙනා අතර කාන්තාවක සහ පිරිමි පුද්ගලයන් තිදෙනෙකු සිටින බවද සඳහන්.


තුවාල ලැබූවන් අකුරණ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන් වේ.


සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

More News..