බොරතෙල් මිල ඩොලර් 107ට ළංවෙයි
13 October 2026
බොරතෙල් මිල ඩොලර් 107ට ළංවෙයි
13 October 2026
යේමනයේ ඉරාන සහාය ලබන හූති කැරලිකරුවන් සෞදි අරාබියට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 107කට ආසන්න මට්ටමකට පැමිණ තිබේ.
එමෙන්ම, යුක්‍රේනය සහ රුසියාව අතර බලශක්ති ක්ෂේත්‍රයට අදාළ සටන් විරාමයක් ඇති බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සැක මතුවීම ද ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යාමට බලපා ඇති බව සඳහන් වේ.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, මෙම තත්ත්වය හමුවේ ගෝලීය බලශක්ති සැපයුම සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාව තවදුරටත් ඉහළ ගොස් ඇති බවයි.

