brand logo
logo
ඊශ්‍රායලයෙන් ගුවන් ආරක්ෂණ පද්ධතියක් මිලදී ගැනීමට ග්‍රීසිය සූදානමින්

ඊශ්‍රායලයෙන් ගුවන් ආරක්ෂණ පද්ධතියක් මිලදී ගැනීමට ග්‍රීසිය සූදානමින්

23 July 2026

අමෙරිකන් ඩොලර් බිලියන 3.5ක වටිනාකමකින් යුතු ගුවන් ආරක්ෂණ පද්ධතියක් ඊශ්‍රාලයෙන් මිලදී ගැනීමට ග්‍රීසිය සූදානම් වෙයි.


ඒ අනුව, එරට ආරක්ෂක කවුන්සිල ඒ සඳහා වන අවසන් අනුමැතිය අද (23) ලබාදීමට නියමිත බව සඳහන් වෙයි.


ඊශ්‍රායලයෙන් මිලදී ගැනීමට නියමිත මෙම නව ගුවන් ආරක්ෂණ පද්ධතියට ඩ්‍රෝන යානා, ගුවන් යානා සහ බැලස්ටික් මිසයිල නාශක ගුවන් ආරක්ෂණ පද්ධතියක් ඇතුළත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


මීට අමතරව ග්‍රීසියේ ආරක්ෂණ පද්ධතිය වැඩි දියුණු කිරීම සඳහා 2036 වසර වන විට යූරෝ බිලියන 28ක් වැය කිරීමට ද එරට රජය සැළසුම් කර තිබේ. 

ඒ යටතේ නවතම එෆ් 35 ප්‍රහාරක ගුවන් යානා 40ක් අමෙරිකාවෙන් මිලදී ගැනීමට ද ග්‍රීසිය සැළසුම් කර ඇති බව සඳහන් වෙයි.

මේ අතර, නේටෝ සංවිධානයේ සාමාජික රටවල් අතර දළ දේශීය නිෂ්පාදනයෙන් ඉහළම ප්‍රතිශතයක් ආරක්ෂක වියදම් සඳහා වැය කරන රටක් බවට ග්‍රීසිය පත්ව තිබේ.

 

More News..