brand logo
logo
දඩයම් උපකරණ, ගිනි අවි සහ සත්ත්ව කොටස් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

දඩයම් උපකරණ, ගිනි අවි සහ සත්ත්ව කොටස් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

05 November 2026

වනජීවි අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පරිසර අමාත්‍යාංශය පවසයි.

ඒ, මෙම අපරාධ අවම කිරීමේ අරමුණින් පරිසර අමාත්‍යාංශය සහ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව යුද හමුදා සහාය ඇතිව ක්‍රියාත්මක කරනු ලබන ‘හස්ති සේනා’මෙහෙයුම යටතේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීය.


මෙම මෙහෙයුම ගල්කිරියාගම අඩවි බල ප්‍රදේශය ආශ්‍රිතව වනජීවී අපරාධ බහුලව සිදුවිය හැකි බවට සැක කෙරෙන ග්‍රාම නිලධාරී වසම් 10ක් තෝරාගෙන සිදු කරනු ලබයි.


ඒ අනුව, එක් එක් කණ්ඩායම සඳහා වනජීවී නිලධාරියෙකුගේ නායකත්වය යටතේ සිවිල් ආරක්ෂක භටයන් දෙදෙනෙකු සහ යුද හමුදා සාමාජිකයන් හය දෙනෙකු ඇතුළත් වන පරිදි සාමාජිකයන් නව දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් 10ක් මෙම මෙහෙයුම සඳහා යොදවා තිබේ.


මෙම මෙහෙයුමේදී වන අලින්ට හානි පැමිණවීමේ අරමුණින් අටවන ලද බඳින කඳන් ඇතුළු වනජීවී අපරාධ සඳහා යොදාගන්නා කම්බි, කේබල්, මදු, පුපුරන ද්‍රව්‍ය සහ විවිධ උපකරණ මෙන්ම මියගිය සතුන්ගේ මස් හා සත්ත්ව කොටස් සන්තකයේ හා භාරයේ තබාගැනීම සම්බන්ධයෙන් කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නික්කිණියාව ග්‍රාම නිලධාරී වසමෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. 

 

More News..