ඉරානය සමඟ ගනුදෙනු කරන විදේශීය මුල්‍ය ආයතනවලට අමෙරිකාවෙන් අනතුරු ඇඟවීමක්
06 October 2026
ඉරානය සමඟ ගනුදෙනු කරන විදේශීය මුල්‍ය ආයතනවලට අමෙරිකාවෙන් අනතුරු ඇඟවීමක්
06 October 2026
ඉරානය හෝ එරට සම්බාධකවලට ලක්ව ඇති මුල්‍ය ක්ෂේත්‍රය සමඟ සබඳතා පවත්වන විදේශීය මුල්‍ය ආයතනවලට එරෙහිව පූර්ව දැනුම්දීමකින් තොරව සම්බාධක පැනවීමට මෙන්ම සිවිල් සහ අපරාධමය දඬුවම් පැනවීමට කටයුතු කරන බව අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
අමෙරිකානු විදේශ වත්කම් පාලන කාර්යාලය විසින් නිකුත් කරන ලද විශේෂ නිවේදනයකට අනුව, අමෙරිකානු සම්බාධක උල්ලංඝනය වන අන්දමින් ඉරානය සමඟ මුල්‍ය ගනුදෙනු සිදුකරන ආයතනවලට ඕනෑම මොහොතක අමෙරිකානු ඩොලර් මුල්‍ය පද්ධතියට ඇති ප්‍රවේශය අත්හිටුවීමට පියවර ගනු ඇති බව සඳහන් වෙයි.
අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විදේශීය බැංකු සහ මුල්‍ය ආයතනවලින් ඉල්ලා සිටින්නේ ඉරානය සමඟ පවතින සියලුම මුල්‍ය සබඳතා සහ ගනුදෙනු වහාම අත්හිටුවන ලෙසයි.

