brand logo
logo
වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම් දීමක්

වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම් දීමක්

08 September 2026

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබේ.


ඒ අනුව එම වගන්ති විශේෂ බහුතරයකින් සම්මත කරගත යුතු බවට දැනුම්දී ඇති බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (08) පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.


කෙසේ වෙතත් අදාළ වගන්ති සංශෝධනය කර හෝ ඉවත් කර සරල බහුතරයකින් අදාළ පනත් කෙටුම්පත සම්මත කරගත හැකි බව ද ඔහු කීය.


මෙම පනත් කෙටුම්පතට අනුව, මෙම යෝජිත නීති සම්පාදනය මගින් අදාළ ආයතනය සංස්ථාපිත මණ්ඩලයක් ලෙස ස්ථාපිත කිරීමට නියමිතය.


මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටින වෘත්තිකයන් සඳහා ඉහළ ප්‍රමිතීන් හඳුන්වා දීම සහ පවත්වාගෙන යාම අරමුණු කරගනිමින් මෙම පියවර ගෙන ඇත.

 

More News..