මිරිදිය ධීවර කර්මාන්තයේ පවතින ගැටළු පිළිබඳ සාකච්ඡාවක්
28 September 2026
මිරිදිය ධීවර කර්මාන්තයේ පවතින ගැටළු පිළිබඳ සාකච්ඡාවක්
28 September 2026
මිරිදිය ධීවර කර්මාන්තයේ පවතින ගැටළු පිළිබඳ සාකච්ඡාවක් උතුරු මැද පලාත් ගරු ආණ්ඩුකාර වසන්ත ජිනදාස ප්‍රධානත්වයෙන් පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්විය.
උතුරු මැද පළාතේ මහවාරිමාර්ග මධ්‍යම වාරිමාර්ග හා සුළු වාරිමාර්ග 40කට මත්ස්‍ය ඇඟිල්ලන් යෙදීම සිදුකරනු ලබන අතර අලුතින් හඳුනාගත් සුළු වාරිමාර්ග 35ක් සමඟ එම සංඛ්‍යාව 75 දක්වා ඉහළ නඟී.
හෙක්ටයාර් 40 කට වඩා ඇති වපසරියකින් යුක්ත වැව් මේ සඳහා තෝරා ගනු ලබයි.
මෙම ජලාශවලට ජනවාරි මස සහ පෙබරවාරි මස මත්ස්‍ය ඇඟිල්ලන් යෙදීම සිදු කරයි.
මේ වන විට මත්ස්‍ය ඇඟිල්ලන වගා කරනු ලබන වගාකරවන් සතුව මත්ස්‍ය ඇඟිල්ලන් ලක්ෂ 12 ක් පමණ තිබෙන අතර සෑම ජලාශයකටම 100%ක් පළාත් සභා අරමුදල්වලින් එක්වරක් පමණක් මත්ස්‍ය ඇඟිල්ලන් මුදාහරින අතර, තවත් වරක් පළාත් සභා අරමුදල්වලින් 50% දරා මසුන් යෙදීම සිදු කරයි.
ඉන් අනතුරුව මත්ස්‍ය පැටවුන් යෙදිම සම්පූර්ණයෙන් ධීවර සමිතිය මඟින් සිදු කර ගත යුතුය

