brand logo
logo
පිළිකාව පරාජය කල  'බොතම්'

පිළිකාව පරාජය කල 'බොතම්'

03 September 2026

'බොතම්' මුහුදු සිංහයාගේ සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට යහපත් අතට පත්ව ඇති බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.


නිවේදනයක් නිකුත් කරමින් එම මේ බව සඳහන් කළේය.


පසුගිය කාලසීමව තුළ බොතම් මුහුදු සිංහයා අසනීප තත්ත්වයකින් පසුවීම හේතුවෙන් සිදු කරන ලද වෛද්‍ය පරීක්ෂණ සහ විශේෂඥ ඇගයීම් මඟින් අනාවරණ වූයේ එම සත්ත්වයා "Squamous cell carcinoma" නමැති පිළිකා රෝගී තත්ත්වයෙන් පීඩා විඳින බවය.


ඒ් අනුව විදේශීය විශේෂඥ පශු වෛද්‍යවරයෙකුගේ නිර්දේශ සහ උපදෙස් මත බොතම් සඳහා විශේෂ ශල්‍යකර්මයක් සිදු කිරීමට තීරණය කරන ලදී.


පරිසර අමාත්‍යාංශයේ මඟ පෙන්වීම වගේම අධීක්ෂණය යටතේ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් දෙහිවල සත්වෝද්‍යානය තුළ පසුගිය ජුනි මස 30 වන දින මෙම විශේෂ ශල්‍යකර්මය සාර්ථක සිදු කෙරුණි.


මෙවැනි සංකීර්ණ ශල්‍යකර්මයක් මුහුදු සිංහයකු සඳහා ශ්‍රී ලංකාවේ සිදු කළ ප්‍රථම අවස්ථාව ලෙස මෙය සැලකිය හැකිය.

මෙම සතුන් පිළිබඳ විශේෂඥ, හොංකොං Ocean Parkහි අධ්‍යක්ෂ පශු වෛද්‍ය Paolo විසින් මෙම සත්වයා පරීක්ෂා කර බලා නිර්දේශ කරන ලද පරිදි සිදු කරනු ලබන මෙම සුවිශේෂි සැත්කම සිදු කරන ලදී.

මෙම සැත්කම සඳහා සම්බන්ධ වූ විශේෂඥ පශු වෛද්‍යවරයා ඇතුළු කණ්ඩායම සිය සේවය ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වෙනුවෙන් ස්වේච්ඡාවෙන්ම ලබාදීම විශේෂත්වයකි. 

 

More News..