බස්නාහිර පළාත් පාසල් චෙස් ශූරතාව කොළඹ රාජකීය විදුහලට
02 November 2026
බස්නාහිර පළාත් පාසල් චෙස් ශූරතාව කොළඹ රාජකීය විදුහලට
02 November 2026
2026 බස්නාහිර පළාත් පාසල් කණ්ඩායම් චෙස් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කොළඹ රාජකීය විදුහල සමත් වී තිබේ.
ඔක්තෝබර් 31 සහ නොවැම්බර් 01 යන දිනවල කොට්ටාව ධර්මපාල විදුහල් පරිශ්‍රයේ පැවති තරගාවලියේදී රාජකීය විදුහල වයස අවුරුදු 10, 16 සහ 20 යන සියලුම වයස් කාණ්ඩවල ශූරතා දිනාගැනීම විශේෂත්වයකි.
බස්නාහිර පළාතේ පාසල් රැසක දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූ තරගාවලිය පුරා තියුණු තරගකාරීත්වයක් පැවති අතර, එම අභියෝග ජයගනිමින් රාජකීය ක්‍රීඩකයෝ සමස්ත ශූරතාව තහවුරු කරගත්හ.

