ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 98,081ක් දක්වා ඉහළට
16 September 2026
ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 98,081ක් දක්වා ඉහළට
16 September 2026
වසරේ මේ දක්වා කාලය තුළ හඳුනාගත් සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 98,081 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.
සැප්තැම්බර් මාසයේ ගත වූ කාලය තුළ පමණක් මෙරටින් ඩෙංගු රෝගීන් 2,590 දෙනෙකු හඳුනාගෙන ඇති බව සඳහන් වෙයි.
ඩෙංගු රෝගය හේතුවෙන් එම කාලය තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාව 74කි.
මේ අතර බස්නාහිර පළාතෙන් පමණක් ඩෙංගු රෝගීන් 51,679 දෙනෙකු හඳුනාගෙන ඇති අතර තවදුරටත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 35ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙසින් හදුනාගෙන ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේය.

