ජනපති හා පාසල් සංවර්ධන නිලධාරීන් අතර හමුවේ දී ජනපති පැවසූ දේ
03 February 2026
ජනපති හා පාසල් සංවර්ධන නිලධාරීන් අතර හමුවේ දී ජනපති පැවසූ දේ
03 February 2026
පාසල් තුළ සේවය කර අත්දැකීම් ඇති උපාධිධාරීන් ගුරු සේවයට ඇතුළත් කර ගැනීම රජයේ අපේක්ෂාව බවත්, එබැවින් ගුරු ව්‍යවස්ථාවට අනුව විභාගයට පෙනී සිටින ලෙසට පාසල් සංවර්ධන නිලධාරීන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරාධනා කර තිබේ.
පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් සහ ජනාධිපතිවරයා අතර අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති හමුවක දී මෙම ආරාධනය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
පාසල් සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුව සම්බන්ධව මෙහිදී දීර්ඝ සාකච්ඡාවකට එක් වූ ජනාධිපතිවරයා එම සියලු දෙනාගේ වෘත්තිය අභිමානය සහ ගරුත්වය ආරක්ෂා කිරීම රජයේ අරමුණ බව සඳහන් කර ඇත.
එහිදී අදහස් දක්වමින් පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් පවසා ඇත්තේ, පවතින ගැටලුවලට වගකිව යුත්තේ වත්මන් ආණ්ඩුව නොවුවද වෘත්තිකයන් ලෙස වර්තමානය වන විට තමන් වෘත්තීමය සහ සමාජයීය ගැටලු රැසකට මුහුණදී සිටින බවය.

