brand logo
logo
රටේ මූල්‍ය ස්ථාවරත්වයට අවදානමක් - ශ්‍රී ලංකා මහබැංකුව

රටේ මූල්‍ය ස්ථාවරත්වයට අවදානමක් - ශ්‍රී ලංකා මහබැංකුව

24 October 2025

මූල්‍ය අංශයේ ස්ථාවරත්වය සඳහා වන ඉදිරි දැක්ම ධනාත්මක වූවද, ඒ සඳහා යම් අවදානමක්ද පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව 2025 වසරේ මූල්‍ය ස්ථායිතා විවරණය ඉදිරිපත් කරමින් සඳහන් කරයි.


මේ වසරේ දෙවන කාර්තුව අවසන් වන විටදී ණය කාර්යාංශයේ දත්තවලට අනුව කුටුම්භ අංශවලට ලබාදුන් ණය ප්‍රමාණය සියයට 17.8 කින් වර්ධනය වී ඇතැයි ද මහ බැංකුව කියයි.


මේ වසර (2025) සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කරන ලද මූල්‍ය ස්ථායි විවරණය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේදී ඊයේ (23 වැනිදා) මාධ්‍ය හමුවක් පැවැත්වුණි. එහිදී මේ බව ප්‍රකාශ කෙරිණි.


පසුගිය කාලයේදී මූල්‍ය අංශයේ අවදානම්වලට ඔරොත්තුදීමේ හැකියාව ශක්තිමත් වූ බවත්, අඩු පොලී අනුපාතික මධ්‍යයේ ණය ප්‍රසාරණය වේගවත් වූ බවත්, මේ සමග මූල්‍ය අංශයේ වත්කම්වල වේගවත් භාවය වැඩිදියුණු වූවද තෙවැනි අදියරේ පවතින ණය යම් තරමක ඉහළ මට්ටමක පැවැති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. මහ බැංකුව විසින් මූල්‍ය අංශයේ ස්ථාවරත්වය වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය වන ප්‍රතිපත්ති නියාමන ගනු ලබන බවද මහ බැංකුව සඳහන් කරන්නේය.


මේ වසරේ පළමු මාස අට තුළදී කොටස් වෙළෙඳපොළ වාර්තාගත ඉහළම මිල දර්ශක සමගින් ශක්තිමත් කාර්ය සාධනයක් වාර්තා කළ බවත්, ඒ සමග එම දර්ශකවල විචලතාවයක්ද පිළිබිඹු වූ බවත් මහ බැංකුව කියයි.

 

More News..